මෛත්‍රීය බුද්ධ යැයි කියාගන්නා සිරිවර්ධන අංකල්ගේ (අ)ධර්ම දේශනා දැක්වෙන පින්තූර

භික්ශූන් වහන්සේ සමග වාද කිරීමේ නව සම්ප්‍රදායක් හඳුන්වා දෙමින්, කිසිසේත්ම සූර්ය ප්‍රභා මණ්ඩලයක් නොවන අංකල්ගේ ප්‍රාතිහාර්යයක් පෙන්වමින් දඹුලු විහාරයට පැමිණ සිටි ගිහියන්ගෙන් මෙන්ම භින්ශූන් වහන්සේගෙන් අංකල් නමස්කාර ලබපු ආකාරය ඔයාලට මතක යයි සිතනවා. ඒ නිසා දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මේ සිරිවර්ධන අංකල් ගල්ලේ සිට ධර්මය අධර්මය කරන රැස්වීම් දැකෙව්න පින්තූර කීපයක්. මෙහිදී අංකල්ගේ 190% වාචාල නොවූ වාග් චාතූර්ත්වය මේ සඳහා යොදා ගන්නවා.


මේ ඔබ දකින්නේ සිරිවර්ධන අංකල් පියුම් මැද පැන නැගී ඇති ධර්මාසනයක වැඩ සිට දර්ම™ දේශනා කරන ආකාරය. එහිදී සිටින 180% පාසල් දරුවන් නොවන සහ විශ්වවිද්‍යාල උපාධිධරයන්ගේ මට්ටමටම අධ්‍යාපනය ලබ ඇති ශ්‍රාවකයින්ට කියා දීමට, සිරිවර්ධන අංකල් පවසන පරිදිම වඩාත් (නිර්)මල බුදු දහම වන මහායාන ආගමේ දේශනා තමයි වැඩි වැඩියෙන් යොදාගන්නෙ. "ඒහිපස්සිකෝ" කියල මේ අංකල් කියන්නන් වාලේ කිව්වාට අංකල්ගෙන් බණ අහල ඒ වෙලාවට වටේ සිටින විදග්ධයින් ටික සාදු කාර පවත්වනවා.


ඉහත රූපයෙන් පේන්නෙ අංකල්ගෙන් බණ අහන්න සෙනග ඇවිල්ල තියෙන ආකාරය. අනේ, ඒ වුනාට ඉතින් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙන් බන අහන්න තරම් දාස් ගණන් එන්නෙ නෑ. ඒත් අංකල් පොඩි විය පැහැදමක් කරල මාකටිං පාරක් දුන්නාම මීව වඩා වුනත් සෙනගෙ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හිතල බලන්න, මේ වගේ රැස්වීම් දවසකට එක ගානෙ තියල අංකල්ගේ මෛත්‍රී බුදු දහම ගැන ප්‍රචාරයක් දුන්නාම ථේරවාදයට sorry.com. බුදු දහම රැක ගැනීමට අනවශ්‍යයි කියල අංකල්ගෙ ගෝලයෝ කිය කියා යන්නෙත් මේ කාරණා කාරණා සිතේ තියාගෙන තමයි.


මේ ඔබ දකින්නේ දේශපාලුවන්ව අංකල්ගෙන බණ අහන්න වඩම්මවන හැටි. වඩම්මවනවා කිව්වේ 130% බොරු චීවරධාරීන් නොවන භික්ශූන් දෙදෙනෙක් නිකම්ම වඩිත්දී දේශපාලුවා මුතු කුඩේ යටින් වඩම්මවන නිසා. මොකද මොනව කරන්නත් කළින් තෙරුවන් කෙරෙන් ඇති ශ්‍රද්ධාව නැති කරන්න ඕනැ වෙනවානෙ. මේක තමයි අංකල්ගේ අලුත්ම මෛත්‍රී බුද්ද™ සාසනයේ කෙරුවාව. එළ කිරි නේද??


මේ ඉහල පින්තූරයේ තියෙන්නෙ ඇත්තටම™ 150% ක් චීරවධාරීන් නොවන හාමුදුරුවරු පවා සිරිවර්ධන අංකල් ගෙන් බණ අහල අංකල්ට වඳින හැටි. ඉතින් භික්ශූන් වහන්සේගෙන් වන්දනා ලබනවා කිව්වාම අංකල්ගෙ ප්‍රතිරූපය නිකම් හයිඩ්‍රජන් පුරෝපු බැලුනයක් වගේ ඉහල යනවා. වෙලාවට ගාල්ලේ ශාසනාරක්ශක බලමණ්ඩලය නිදාගෙන ඉන්න එක හොඳට ගියා. ඔන්න, "සිරිවර්ධන අංකල් වාඩි වෙලා බණ කියනකොට හාමුදුරුවරු නැගිටලා සාදු කියමින් අංකල්ට වඳින්නෙ මොකද?" වගේ මෝඩ ප්‍රශ්න එහෙම අහන්න එපා හොඳේ. මොකද කියනවනම් සංඝයා වහන්සේ තව කෙනෙකුට වඳිනවානම් ඒ එක්කෝ තවත් සීලයෙන් වැඩිමහල් භික්ශූන් වහන්සේ කෙනෙකුට. එහෙමත් නැත්නම් .... ඔයාලම හිතාගන්නකෝ...



උඩ තියෙන පින්තූර දෙකන් පින්තූර වලින් පේන්නෙ මේ සිරිවර්ධන අංකල්ට සේවය කරන චීවරධාරියෙක්. එයා තමයි අංකල් ගේ ප්‍රධාන උපස්ථායක. එයා අංකල් ට කුඩේ අල්ලන එක තමයි කරන්නෙ. අංකල් චීවරයක් ඇඳගත්ත හාමුදුරු කෙනෙක් නොවෙද්දි චීවරධාරියෙක් අංකල් ට දාස කම් කරන එක නරකයි කියල හිතන්න එපා. මොකද මේ අංකල්ලුනේ ගාල්ලේ කේතුමතීයෙන් පහල වෙච්ච පලමුවැනි මෛත්‍රී බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන) කියල කියන්නෙ. මම දක්ක මේ කාසායකණ්ඨකයාද කියල කවුරුහරි අහලත් තියෙනවා.


මේ උඩ පින්තූරෙ ගත්තෙ මීට අවුරුදු බර ගානකට කළින්. ඒ දවස් වල අංකල්ගෙන් බන අහන්න සූ ගාල දහයක් විතර සෙනග හිටියා. ආසාවට වගේ මම ඒ අයව ගැනල බැලුවාම අතේ මොනවාද මන්ද ඇඟිලි ගානක් ඉතුරු වුනා. යටින් "Maitreya Buddha" කියල ගහපු මේ පින්තූර ඔක්කොම අංකල්ගෙ පිකාසා ඇල්බම් එකේ තමයි දාල තිබුනෙ. ඒත්  සාතන්ල™ මේ ගන කෑ ගහුවට පස්සෙ අපේ අය ඒ ඇල්බම් එක වහල දැම්මා.


මේ ඔබ දකින්නේ සිරිවර්ධන අංකල් මෛත්‍රී භාවනාව කරන විධිය. ඇස් දෙක ඇරගෙන පුටුවක වාඩි වෙලා තමයි මේක කරන්න ඕනැ. වාසනාවකට වගේ අංකල් සත්‍යය අවබෝධ කරගන්න සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවෙ නෑනෙ. ඉන්ස්ටන්ට් වැඩ.


ඉතින් මෛත්‍රී බුද්ධ කියාගන්නා මේ සිරිවර්ධන අංකල් ගිහියෙක් ලෙස සිටීමත්,  අංකල් අර හාමුදුරුවන්ට ඇප කෑන්සල් වෙන්න "සච්චක ටෝක් එකක්" දුන්න විධියෙනුත්, චීවරධාරීන් අංකල්ට සාදු කාර දීමෙනුත්, සංඝයා වහන්සේ එලියෙන් වඩිත්දී දේශපාලුවාව මුතු කුඩෙන් වැඩැම්මවීමෙනුත්, චීවරධාරීන් කුඩේ අල්ලමින් අංකල්ට දාසකම් කිරීමෙනුත් පැහැදිලිව පේනවා, මේ සිරිවර්ධන අංකල් සංඝයා වහන්සේට කරන (අ)ගෞරවය. මේක කිසි සේත්ම ශ්‍රී ලංකාවේ බුදු දහම විනාශ කරන මූලධර්මවාදී ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් එහෙම නෙමෙයි හොඳේ... (ඔන්න ඔන්න මේව දැකල කුණුහරුප එහෙම ලියන්න එපා මල්ලිලා. විවේචනයක් තියෙනවානම් බෞද්ධයින්ට ගැලපෙන විධියට ලියන්න, නැත්නම් අන්‍යාගමිකයින් කියාවි, මෙන්න බෞද්ධයින් කතා කරන හැටි කියල.)

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්