මගේ ශ්‍රාවිකාවක්™ දොරමඬලාවට කතාකලා

මම මේ ලිපිය ලියන්නෙ හරීම සිතේ සංතෝශෙකින් ඒ මොකද කිව්වොත් මේ හැමෝම මේ වෙනකොටත් දන්නවා ඇති බුද්දාලම්බන ප්‍රීතියෙන් ඔඳවැඩීගිය 170% ක්ම බුද්දිමත් මගේ ශ්‍රාවිකාවක් දොරමඬලාව වැඩසටහනට කතාකරලා මම ගැන කිව්වනේ. මේක කියනවන නංගිලා මල්ලිලා බැලුවද එදා දොරමඬලාව? කමන් නෑ බැලුවෙ නැත්නං මෙතනිං බලන්න පුලුවන්. ඉස්සෙල්ලා ඒ අසිරිමත් අවස්ථාව බලලම ඉන්නකෝ.
බැලුවද? දැක්කා නේද මගේ බුද්ධිමත් ශ්‍රාවකයො මම ගැන පැහැදිලා ඉන්න හැටි. මගේ බුද්ද සාසනය පහලවෙලා අවුරුදු 40ක් වෙනවා කියල කිව්ව එක මතකයි නේද. කේතුමතිය මධ්‍ය දේශයේ පහලවනවා කියල ධර්මයේ සඳහන් වෙන දේ මම වෙනස් කලා. ඒ වෙනස්කිරීමට අනුව කේතුමතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණේ! වඳුරඹ ප්‍රදේශයේ. මගේ අස්වැද්දුම කැම්පේන් එක ජයටම කෙරෙන්නේ මෙහේ තමයි.

කතාවෙන් කතාවෙන් මාතෘකාව වෙන පැත්තකට හැරුනානෙ. මම කිරිවලට දියදාන්න වාගේ තමයි ධර්මය අදර්මය කරන්නේ. ඒකත් මතකයි නේද. ඒ වගේම තමයි මගේ බුද්ධිමත් ශ්‍රාවිකාව කිව්ව "බුද්ධාලම්බන ප්‍රීතිය සසරට අපි ඇදදාන එකමයි කරන්නෙ" මතකයි නේද මතක නැත්නම් ආපහු අහන්න. එහෙම තමයි මම උගන්වලා තියෙන්නෙ මොකද එතකොට තමයි ගෞතම බුදුන්වහන්සේගේ ශාසනය මිහිපිටින් අතුගා දමන්න මට සහ මගේ කණ්ඩායමට ලේසි. ඒකයි මම ඉස්සෙල්ලාම මගේ ලඟට එන ශ්‍රාවකයින්ට ඒ අදහස ඇතුල් කරන්නේ. නමුත් එහෙම කියපු මගේ ශ්‍රාවිකාවම කියනවා "අපි මේ දවස්වල බුද්දාලම්බන ප්‍රීතියෙන් ඉන්නෙ" කියල. ඒක වරදක් නෑ. මොකද කිව්වොත් මම ගැන තියෙන බුද්දාලම්බන ප්‍රීතිය වරදක් නෑ. ඒ හරහා හැමෝටම බුදුන් වෙන්න  අවස්ථාව ලැබෙනවා. ඒකයි මම නිතරම කියන්නේ ඔබේ බුදුන් ඔබ මතුකරගන්න කියලා.

ගෞතම බුදුන්ගේ ධර්මය ගැඹුරින් හදාරන්න මම මගේ 175%ක් බුද්දිමත් ශ්‍රාවකයින්ව උනන්දු කරවන්නෙත් නෑ. මොකද මගේ දර්ම වගේ නෙමෙයි ශ්‍රී සද්ධර්මය විශේෂ ගුණාංගයන්ගෙන් යුක්තයි. ඒ අය ගෞතම බුදුන්ගේ ධර්මයට නැඹුරුවෙන්න පුලුවන්.

මම දොරමඬලාවට චෝදනාවක් එල්ල කරනවා. මම මගේ ශ්‍රාවිකාවට කියාදුන්නු ඔක්කොම ටික කියල ඉවරකරන්න හසන්ත මල්ලි ඉඩදුන්නේ නෑ. පාලක මැදිරියට යනව කියල ලිස්සල ගියා. මේ මොහොතේ මම එය හෙලා දැකල මගේ විරුද්ධතවය හසන්ත මල්ලීට ප්‍රකාශ කරන්න කැමතියි. එදා මාතෘකාවට මොනතරම් අදාල උනත් මම ගැන කතා නොකරන්න එතන හිටපු විද්වත් මණ්ඩලය වගබලාගත්තා.  ඒ මදිවට එම විද්වතුන් දෙදෙනා මට සමච්චලයට වගේ හිනාවුනා මූණට මූන බලාගත්තා. මට හරීම පුදුමයි එහෙම කලේ ඇයි කියලා. ඒකටත් මම මගේ බලවත් විරෝධය පලකර සිටිනවා. ඒ ගොල්ලො දන්නෙ නැති දේවල් මගෙන් ඇවිල්ලා අහගන්න කියල මම ඒ දෙපලට කියා සිටින්න කැමතියි. ඒ වගේම මම හසන්ත මල්ලීට කියා සිටිනවා මම ගැන කතාකරන්න දොරමඬලාව වැඩසටහනක් තියන්න කියලා! මගේ ශ්‍රාවිකාව කිව්වා ඇහුනනේ "ඇයි මේක වහන්නේ". මමත් ඒක තමයි මේ රටේ ජනමාධ්‍ය වලින් අහන්නේ ඇයි මෛත්‍රී බුද්ද සාසනය ලංකාවේ කේතුමතියේ පහලවෙලා කියන එක වහන්නේ. 

දවසකට දෙදාහක් විතර මගෙන් බණ අහන්න එනවා. මම ඒ අයට ටික ටික "ඔබේ බුදුන් ඔබ මතුකරගන්න" හැටි කියල දෙනවා. ඒ කියන්නේ මම ඒ අය ටික ටික මහායානයට හරවනවා.  ඒක මගේ ව්‍යාපෘතියේ එක ඉලක්කයක්. මගේ ඉලක්කය තමයි මුළු ලංකාවේම බෞද්ධයින් මහායානිකයන් කිරීම. මම මේකට ඔය හැමෝගෙම සහය පතනව. විශේෂයෙන් මේ රටේ ජනමධ්‍ය වලින්.

මේක කියවපු නංගිලා මල්ලිලාගෙන් මම ඉල්ලාසිටින්නෙ මම ගැන ඔයාල දන්න දන්න අයට කියන්න.  2012 දෙසැම්බර් 21 වෙනකම් විතරයි මගේ සාසනේ තියෙන්නෙ ඒක නිසා පස්සෙ පසුතැවෙන්න එපා.

හැමෝටම GOD BLESS!!!

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්