මගෙන්, නෑ නෑ ඉරෙන් රැස් විහිදීම

අද මම මල්ලිලාට කියන්න යන්නෙ දඹුල්ලේදී මම කරපු වික්‍රමයක් ගැන. ඒ තමයි රැස් විහිදීම. බලන්න මේ වීඩියෝ එකේ අවසානයේදී ඉර වටේට වළාවක් වගේ කළුපාට දෙයක් තියෙන විධිය. බලන්න ඉර ගාව වළාකුළුත් තිබුනා. මොන තරම් ආශ්චර්යයක්ද මේක?




දැක්කනෙ, මම කතා කරල ඉවර වුන ගමන්ම ඉර වටේට රැස් විහිදුනා. සමරහ මිසදිටුවො කියනව ඒක මිරැකල් එකක් නෙමයි, Solar Halo එකක් කියල. බලන්නකො මුන්ගෙ නොදැනුවත් කම. ඒ විතරක්යැ මල්ලිලා, මේ ගොල්ලො කියනවනෙ මම එකක් ඇතිවෙන වෙලාව කාලගුන අනාවැකියක් බලල මේක ටයිම් කරල මගේ බණ නැවැත්වුවා කියල. මේ වගේ අය මගේ සාසනෙ ඇතිවේවි කියල කවුද හිතුවෙ.


මට මතකයි අර හඳෙන් බුදුරැස් විහිදෙනවා කියලා කටකතාවක් ගිය වෙලාවෙ සෝම හාමුදුරුවො කියල තිබුනා "ශ්‍රී බුද්ධ ශරීරයෙන් විහිදෙන්නෙ බුදු රැස්, ඉරෙන් විහිදෙන්නෙ ඉර රැස්, හඳෙන් විහිදෙන්නෙ හඳරැස්, මගෙන් විහිදෙනවනම් ඒව සෝම රැස් මිසක් බුදු රැස් නෙමෙයි" කියල. සෝම හාමුදුරුව හරිම මෝඩයි. ඒකයි එහෙම කතාවක් කිව්වෙ. ඉරෙන් විහිදුනත් ඒව බුදු රැස් තමයි. මෛත්‍රී බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන) සාශනයෙදි රැස් විහිදෙන්නෙ බුද්ද™ ශරීරයෙන් නෙමෙයි, ඉරෙන්...


තවත් මෝඩ මල්ලි කෙනෙක් ෆේස්බුක් එකේ දාල තිබුන, "මෛත්‍රී අංකල්, ඇයි ඔයා තමන්ටම මෛත්‍රී බුද්ධ කියල කියාගන්නවනම් යමා මහ පෙළහර පාල මේ මිසදිටුවො ටික දමනය කරන්නෙ නැත්තෙ?" කියල. අනේද කියන්නෙ.... ඇත්තටම කියන්න එහෙම එපා හොඳේ...


අනික බලන්න මල්ලිලා, මේ මෛත්‍රී සාසනයේදී මම බණ කියන හැටි, භික්ශුවක් වුනත් ඔය ඕනැ නැති කතා වලට ආවොත් ටිකක් සැරෙන් කතා කරන එම මගේ සිරිතක්. මගේ කිසිසේත්ම වාචාල නොවන වාග් චාතූර්වත්වයෙන් තමයි මම වාදයෙන් දිනන්නෙ. සච්චක බුදු හාමුදුරුවොත් එක්ක වාදයට ආවාම බුදුහාමුදුරුවො .. ඒ කිව්වෙ ගෞතම බුදුහාමුදුරුවො දින්නෙත් මේ විධියට වෙන්න ඕනැ කියලයි මේ අංකල් හිතන්නෙ. අංකල් සිවුරක් දාගත්තෙ නැති වුනාට අංකල් භික්ශූන් වහන්සේලාට වඩා උසස්. ඒ නිසා භික්ශූන් වහන්සේල අංකල්ගෙන් බණ අහල සාදු කාර දෙනව මිසක් මට බණ කියන්න ආවොත් දන්නව උන්ට අංකල් කරන දේ... දැක්කනෙ අර අංකල්කුඩේ අල්ලන හාමුදුරොවො යස අගේට අංකල්ගෙන් බණ අහල සාදු කියපු හැටි. වරදවා හිතන්න එපා, එයා නියමම හාමුදුරු කෙනෙක්, අංකල්ගෙන් පඩි ගන්න සිවුර පොරෝ ගත්ත චීවරධාරියෙක් නෙමෙයි.


ඉතින් ඔයාල ඇවිල්ල අංකල්ගෙන් බණ අහල නිවන් දකින්න කියල මම ඔයාලට කියනවා.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්