කුප්‍රකට වෑයමක්

පහල තිබෙන්නේ http://eyugaya.blogspot.com නම් බ්ලොග් එකේ මම ගැන දාල තිබෙන ලිපියක්. මේ ගැන අදහස් දැක්වීම සඳහා සහ වැඩි විස්තර දැන ගැනීමට එම බ්ලොග් එකට පිවිස එහි කොමෙන්ට් කරන්න.


බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙලිවේ..! (1 කොටස)


මේ ගෞතම බුද්ධ ශාසනයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම සිදුවන්නකි. මේ මහා භද්‍ර කල්පයට සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා පස් නමක් පහල වන බව ධර්මයේ සඳහන්වේ. මේ උන්වහන්සේලාගෙන් සතර නමක් මේ වනවිට පහලවී දහම් මඟ හෙලි කර පිරිණිවන් පා අවසන්ය. උන්වහන්සේලා නම් වශයෙන් දක්වන්නේ නම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෝතම (ගෞතම) නම් තථාගත වු අරහත් වූ සම්මා සම්බුදුවරුන්ය. මේ වන විට බබලන්නේ අපගේ අමා මෑණී වූ ගෞතම සර්වඥයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි.


අනාගතයේදී පහලවීමට නියමිතව ඇත්තේ මෛත්‍රී තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයයි. එම බුද්ධ ශාසනය පහලවීමට තව ඇත්තේ සුලුපටු කාලයක් නම් නොවේ. ඒ සඳහා තවත් කල්ප ගනනක් ගත වන්නේය. කල්පයක් සඳහා අවුරුදු මෙපමණකැයි කිව නොහැකිය. තථාගතයන් වහන්සේ කල්පය යන්න පහදා දී ඇත්තේ මේසේය."යොදුනක්(යොදුනක් යනු සැතපුම් දහසයකි) දිග, යොදුනක් පලළ, යොදුනක් උස වන පෙට්ටියකට අබ ඇට පුරවා, අවුරුදු සියයකට වතාවක් එක් අබ ඇටය බැගින් ඉවත් කලවිට එම පෙට්ටිය අබ ඇටවලින් හිස් වීමට යම් කාලයක් ගතවන්නේද කල්පය යනු ඊටත් වඩා දීර්ඝ කාලපරිච්ඡේදයකි" යනුවෙනි.


මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ ලොව පහලවන්නේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 10ට අඩුවී ඉන් බොහෝ කාලයක ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 80000 ට වැඩිවූ පසුය. ඒ අරහත් වූ මෛත්‍රීය තථාගතයන් වහන්සේගේ පහළවීම පිළිබඳව අප තථාගත බුදු පියාණන් සඳහන් කර ඇත්තේ මෙලෙසය.


"එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංයා පරිහරණය කරන්නේය."


මෙය සඳහන් වන්නේ ත්‍රිපිටක පොත් වහන්සේගේ දිඝ නිකායේ,උතුම් චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාවේය.
ඉහත සටහන තැබූයේ කල්පය පිළිබඳවත්, මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත් කියවන ඔබට මනා අවබෝධයක් ලබාදීමේ අටියෙනි. අපි දැන් බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයම කුමක් දැයි විමසා බලමු.


ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගිහි පුද්ගලයෙකු මූලික කරගෙන පවත්වාගෙන යන ව්‍යාපාරයක් විසින් මේ අපායගාමි අකුසල් රැස්කරගනිමින් සිටී. මේ ගිහි පුද්ගලයා තමා මෛත්‍රීය බුදුන් ලෙසින් හඳුන්වනවා පමණක් නොව මොහුට අග්‍ර ශ්‍රාවකයින්ද, මොහුගේ සසුනේ මොහුගෙන් බණ අසා රහත්වූවන්ද සිටින බව කියාපායි. එපමණක් නොව මොහු පාදක කරගනිමින් පවත්වාගෙන යන වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෲප් ද පවතී. ව්‍යාජ ෆේස්බුක් ගිනුම් යොදාගෙන මේවායේ ප්‍රචාරණ කටයුතු කරගෙන කරගෙන යන බවද හෙලිවී ඇත.




පහත දැක්වෙන්නේ මොහුගෙන් බණ අසා රහත් වූ බව කියන තැනැත්තා දක්වන ලද අදහසකි






සම්පූර්ණ කොටස කියවීමට.


මොහුගේ තවත් විකාර අදහස් රාශියක් මොහුගේ ලිපිවලින් සොයා ගත හැකිය. මොහුගේ ලිපිවල ධර්මයෙන් උපුටාගත් කොටස් අතරට මොහුගේ විපරීත අදහස්ද යොදා ඒවා ධර්මය ලෙස උලුප්පා දැක්වීම සිදුකර තිබේ. ධර්මය අතුරුදන් වීමට/විකෘත්ති කිරීම මෙම ආකාරයෙන් කටයුතු කිරීම හේතුවන බව මේ මුග්ධ රැල දන්නා නිසා මේ අයුරින් කටයුතු කරති.
පහත දැක්වෙන්නේ මේ රහත් යයි කියන ගිහි ජීවිත ගෙවන පුද්ගලයා දමා ඇති comment එකකි.




වැඩිදුර අධ්‍යයනය කලොත් මොවුන්ගේ තවත් විකාර බොහොමයක් ඔබට බලාගැනීමට හැකිවනු ඇති. මොවුන් විසින් පවත්වාගෙන යන තවත් වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ
http://www.satyagaveshi.org/
http://satyagaveshi.blogspot.com/
http://www.universalfact.org/
http://maitreyabuddhasasana.com/


මෙම ෴ Let's Explore The Truth(කිං සච්චං ගවේෂි) ෴ group එක සහ Maitreya Buddha (මෛත්‍රීය බුද්ධ) යන fan page නිර්මාණය කර පවත්වාගෙන යන Dumindu නයනජිත් சில்வா ヅ නමැත්තා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකි. මොහු හවස් වරුවේ ලැබ් වලට රිංගාගෙන කරන හොර වැඩ අපගේ හොඳ මිත්‍රයන් පිරිසකට අසුවී ඇත. පසුව අපට දැකගත හැකිවූයේ ඉහත දැක්වූ හොර ගෲප් වල මොහු එම හොර profile වලින් comment දමාගෙන ඇති ආකාරයයි.




මේ පිළිබඳව ඉදිරියේදී තවත් තොරතුරු හෙලිදරව් කිරීමට බලාපොරොත්තු වෙමි. මොහුගේ මෙම රංගනයට හසුවූ අය ගැන ඔබ දන්නේ නම් කරුණාකර ඔවුන් එම උගුලෙන් මුදවාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම වගකිවයුතු තැන් වලට මෙම ක්‍රියාවන් වාර්ථා කල යුතුය.


එමෙන්ම මොවුන්ගේ facebook group එක report කර මෙම විනාසය නවත්වා ගැනීමට ඔබත් දායක වන්න.




This article published at first: http://eyugaya.blogspot.com/2010/10/1.html

Comments (2)

Loading... Logging you in...
  • Logged in as
මුන්ට යන්ඞ අපායවල් හදන්ඞ වෙනවා
Munta Kiyanne Manasika Rogeen. Mugen Budu Ras vihidenawada danne neha..

Post a new comment

Comments by

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්

The last comments for

අංගුලිමාලට නිවනට යන පාර කියාදුන්නේ ද�

Thili Ranasinga

Budhingei darmaya pitathin balana unta mewa therenne naa

August 23, 2017 12:39:54 Jump to

dulan bogahawatte

mama ada waduraba darmaayathanayata giye mage amma ehe yanna ona kiyapu nisa.mata siriwardene upasakathuma...

August 27, 2016 14:28:00 Jump to

The last comments for

ඔබේ අදහස්

podi baba

budun sitinne thaman langanam kalabala viyayuthu na.................

July 12, 2016 07:28:32 Jump to

The last comments for

මම සිංහල බ්ලොග් අඩවි වල

supun

blog 1ka admin ta kiyanne :- hariyata mukuth danne nathi wa blog karanna epa ban . mulinma therum ganna...

January 26, 2016 18:07:51 Jump to

The last comments for

ඔබේ අදහස්

NUWAN

UNCAL OKKOMATA KALINE HANDESUDA KUPPIYAK ARAGANA ISSALLAMA MOLAYATA?(UNKAL BASAWEAN MEAKIYANNE) ITATH...

December 12, 2014 10:35:57 Jump to

The last comments for

බුදුරජාණන් වහන්සේට ගරු කරන්න එපා - ආචා

Tharinda

බුදුන් වහන්සේ ගේ නාමය ගෞතම. තුන් දොර ඇති...

July 28, 2014 17:52:25 Jump to

Tharinda

බුදුන් වහන්සේ නාම රූප දෙක ඇසුරු කරගෙන ...

July 28, 2014 17:52:06 Jump to

anonymous

oyala dana dewal kisima padanamak naa modayo wage hasirenne.. meken kiyala thiyenne budurajanan wahanse...

March 18, 2014 02:15:34 Jump to

The last comments for

ඔබේ අදහස්

imesh hanwella

muu nam maha horek.peechan weda kara kara rate 80%k adahana buddagamata nigraha karana me siriwardanayata...

November 13, 2013 11:25:36 Jump to

The last comments for

මම සිංහල බ්ලොග් අඩවි වල

sri

ewani ashcharyamath deyak kala hakke samma sambudu budu rajanan wahanse namakata pamanai pinwatha..mewani...

May 07, 2013 05:20:59 Jump to