මගේ වෙළඳ නාම


මගෙ කොම්පැණිය තමයි 'සමස්ථ ලංකා සුමේධ සංගමය' මගේ කොම්පැණියේ අරමුණ තමයි, දර්මය අදර්මය කිරීම, මෙහෙම කරන්නේ මගේ වෙළඳ නාම හරහා. මේකට මගේ ගෝලයොත් මට හරිම සපෝට්. අපි හවුලේ තමයි මේ වෙළඳ නාම හදන්නේ. නංගිලා මල්ලිලා දුටු තැන අඳුන ගන්න මේ තමයි අපේ සත් දර්මය කියලා.

1. බුද්ද
- මේ මගේ ගෝලයන්වත් මාවත් අඳුන්වන නම. හැබැයි බුද්ධ කියන්නේ බුදු හාමුදුරුවන්ට. ඒක මටයි මගේ ගෝලයින්ටයි අවලංගුයි.

2. දර්ම
- දර්ම තමයි මගේ බණ, පටලවා ගන්න එපා ධර්ම කියන්නේ බුදු හාමුදුරුවන්ගේ බණවලටයි.

3. සත් දර්මය
- මගේ දර්මය අහනකොට ඉන්ද්‍රිය හයක් ඉස්සරහට දාගන්නේ නැතුවයි අහන්න ඕන. මල්ලිල මගෙන් අහන්න එපා කනක් නැතුව කියන දේ අහන්නෙ කොහොමද කියලා. ඔය වගේ සාතන් ප්‍රශ්න එන්නේ ඔයාලා අප්‍රබාස්වර හින්දයි, මම පරබාස්වර හින්දා මේක අහන්න, ඉන්ද්‍රිය ඉන්නේ මංමුලාවක, හාමතේ අතරමං වෙලා. ඒක නිසා ඉන්ද්‍රිය හයක් නැතුව හත් වෙනි ඉන්ද්‍රියකින් අහන්න ඕනෙ හින්දයි මේ සත් දර්මය කියන වෙළඳ නාමය මම දැම්මේ. හැබැයි නංගිලා මගෙන් ඇහුවෙත් හත්වෙනි එක මොකක්ද කියලා බලාගෙනයි ! (කාටවත් කියන්න එපා නංගිලා ඒක මම දන්නෙත් නැහැ )
මගෙ සත් දර්මයයි
, බුදු හාමුදුරුවන්ගෙ සද්ධර්මයයි වෙනස්, හුඟක් වෙනස් කෙටියෙන් කිව්වොත් පරස්පරයි. බුදු හාමුදුරුවන්ට සද්ධර්මය කිව්වේ ඒක සත්පුරුෂයන්ගේ ධර්මය නිසාලු (පටලව ගන්න එපා දර්මය නෙමෙයි ) මගේ දර්මයේදී සත්පුරුෂ, අසත්පුරුෂ කතා නැහැ. සත්වයෙක් පුද්ගලයෙක් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. ඒ ඔක්කොම මිත්‍යාමත.

4. සත්‍ය කියලා දෙයක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
- ඔය ගොල්ලන්ට බුද්ද ප්‍රඥා නෑ නේ, ඒනිසා මේක අහන්න. ඉන්ද්‍රිය ඉන්නේ අතරමං වෙලා, හාමතේ. ඒ නිසා ඉන්ද්‍රිය වලින් එළියට සත්‍ය එන්නේ නෑ. ඒනිසා සත්‍ය ඇඳයට, මේසෙ උඩ විශේෂයෙන්ම වචන ඇතුලේ බලලා වැඩක් නැහැ. 

5. විශ්වයම අකාලිකයි
- නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගියවෙලෙයි මට මේක හිතුනේ, විශ්වයට කාලයක් තියෙන්න බැහැ. නැත්නම් නීල් මල්ලී හඳට ගිහින් හඳේ වෙලාවට කෑම කන්න, ටොයිලට් යන්න නිදිය ගන්න එපායැ. ඒ උනාට එයා අපේ පොළොවෙ වෙලාවට තමයි මේ ඔක්කොම කලේ. ඔරලෝසුව පොලොවෙන් එළියට අවලංගුයි. ආ අමතක උනා ඔරලෝසුව 
කියලා දෙයක් නැහැ.

6. ශූන්‍යයශූන්‍යය තියෙන්නේ අභ්‍යාවකාශයෙ. ඒකනෙ නීල් ආම්ස්ට්‍රෝන් ( මම මෙයාට දුන්නු වෙළඳ නාමය තමයි මාතංග, මාතංග කියන්නේ අත් හයියයි (ආම්ස් ස්ට්‍රෝන්) කියන එකයි ) උඩට ගිය වෙලේ ඔක්සිජන් ටැංකි ගෙනිච්ච්චේ. මොකෝ ශූන්‍යය කියන්නේ මොකුත් නෑ කියන එකනේ, මොකුත් නැත්නම් හුස්ම ගන්න බෑනෙ මල්ලිලා. එතකොට මේ පරබාස්වර කතාව අහන්න. සාමාන්‍යයෙන් නීරොගී කෙනෙකුගේ හෘද ස්පන්ධනය මිනිත්තුවකට 60 -75 අතරෙයි තියෙන්නේ. උඩුගුවනෙදි කාලයක් කියලා දෙයක් නෑනේ. කලින් ලියපු පරබාස්වර කතාව ආයෙත් බලන්නකෝ. එතකොට හෘදස්පන්ධයයක් මනින්න බැරි වෙනවා. හෘදස්පන්ධනය තමයි මිනිසෙකුගේ වැදගත්ම දේ. එතකොට ඒක නොවැදගත් වෙනවා. ඒ කියන්නේ ශූන්‍යය වෙනවා. ඔය ගොල්ලොත් මේක අත්දකින්න 'ආසයි මම පියාඹන්න චිත්‍රපටිය' බලන්න!

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්