මෛත්‍රී බුද්ධ කියාගන්නා අංකල් පසුපස ඇති මහායාන සෙවනැල්ල

මේ සිරිවර්ධන අංකල්ගේ සච්චගවේශී බ්ලොග් අඩවි වලට පිවිස ඒවායේ තිස්ස සේනානායක පවසා ඇති දේවල් කියවා, මගේ දේශනා හොඳින් ඇසුවානම් ඔයාලට තේරේවි මේ සිරිවර්ධන අංකල් මෛත්‍රීය බුද්ධ කියාගනිමින් කරන්නේ බුදු දහම වැනසීම... නෑ නෑ තව කාලාන්තරයකින් බිහිවෙන මෛත්‍රී බුදු දහම බිහිකිරීම සඳහා එයට මහායාන දර්ශනය කවලම් කිරීමක් කියලා. ඒත් කරුමෙ කියන්නෙ ලංකාවේ ඉන්නා ප්‍රාඨමික අංශයේ දරුවාට පවා මහායානය ගැන සුළු අවබෝධයක් තිබෙන එක. මහායානය ගැන අවබෝධයක් නැති උදවිය සූ ගාලා පණහක් විතර දිනපතාම අංකල්ගෙන් බන අහන්න එනවා. ඉතින් කිසිසේත්ම ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් ලෙස නොපෙන්වා, ධර්මය අධර්මය කරන්න ඒ ටික වුනත් ඇති.

කෙසේ නමුත් මේ අංකල්ම හිතුවා අංකල්ගේ දේශනා සසඳා බලීම සඳහා මහායාන බුදු දහම ගැන හෙළ බසින් ලියා ඇති සරළ ලිපි කිහිපයක යොමු ටිකක් මෙහි දැමීමට. මහායානය යනු කුමක්ද, මහායානය ථේරවාදයෙන් වෙනස් වන්නේ කෙසේද, නිවැරදි කුමන ඉගැන්වීමද, එය නිවැරදියැයි අපි සිතන්නේ කෙසේද යනාදී දහසකුත් එකක් ගැටළු වලට මේ ලිපි කියවීමෙන් ඔබට අවබෝධය ලැබේවි. ඒ වගේම මේවා ගැන හොඳින් දන්නා විධග්ධයින්ට වුවද අප හා ඔබගේ අදහස් බෙදා ගැනීමට මෙය අවස්ථාවක් කරගන්න පුළුවන්.

(1) ථෙරවාදය හා මහායානය
http://www.divaina.com/2011/01/23/siya11.html

(2)මහායාන බුදු දහම
http://si.wikipedia.org/wiki/මහායාන_බුදු_දහම

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්