ලංකාවතාර සූත්‍රයෙන් සිරිවර්ධන බුද්ද™ බණ

මේ පහල තියෙන ෆේස්බුක් බණ කතාව බලන්නකෝ.



2008/05/19 බුදුසරණ පුවත්පතේ ලංකාවතාර සූත්‍රය ගැන මෙහෙම සඳහන් කරලා තිබෙනවා.


මහායාන ප්‍රධාන සූත්‍ර ධර්මයක් වන අර්ය ලංකාවතාර සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව වූ පුවතක් සඳහන් වෙතත් එය ලාංකීය බෞද්ධයන් අතර එතරම් ජනපි‍්‍රය නොවුයේ මේ නිකාය භේදය නිසාද?


ලංකාවතාර සූත්‍රය දේශනා කරන ලද්දේ රාවණා රජතුමා සඳහා බව ලංකාවතාර සූත්‍රයේ ම සඳහන් වෙනවා. මහායන ධර්මයේ ඇති ප්‍රධාන සූත්‍රයත් මෙයයි. රාවණා රජතුමා බුදුන් දවස මෙහි විසු කාලය සමාන විය හැකියි. විජයාවතරණය පිළිබඳ කාලය සඳහන් වන්නේත් මහාවංසයේ. එය දැඩි ථෙරවාදී සම්ප්‍රදාය මත ලියූ කෘතියක්. මහසෙන් රජු ජනතාව අතර දෙවියෙක් වූවත් ඔහු ගැන ද ඇත්තේ ගාථා හතරයි. ඒ නිසා රාවණ රජු ගැන මහාවංසයේ වර්ණා නොවීම පුදුම විය යුත්තක් නොවේ.


ලංකාවතාර සූත්‍රයේ මුල් පිටපත් හමුවන්නේ චීන බසින්. දැනට චීන බසින් එය සංස්කෘත බසට නඟා තිබෙනවා. චීන මුල්කෘති බොහොමයක රාවණ පුවත පැහැදිලිව සඳහන්. අභයගිරියේ නැවතී සිටි පාහියන් භික්‍ෂුව සිරිපා වන්දනාවට යන්නේ ද ලංකාවතාර සූත්‍රයේ සඳහන් පුවත නිසාම විය හැකි ය. කඳු මුදුන් මත නැගීමත්, විශාල පර්වත මත විහාර ඉදිකිරීමත් මහායාන සම්ප්‍රදායේ එක් ලක්‍ෂණයක්. සිරිපා වන්දනාව සමහරවිට අභයගිරි සම්ප්‍රදායෙන් අපට ලැබුණක් විය හැකියි, දළදා සම්ප්‍රදාය ලැබුණු ලෙසටම. ලංකාවතාර සූත්‍රය ශ්‍රී ලංකා සංස්කෘතියෙන් මැකී ගියේ අනුරාධපුර ශිෂ්ටාචාරය වැටීමත් සමඟයි. අභයගිරිය බොහෝ විට ලංකාවතාර සූත්‍රය ඉහළින් සලකන්නට ඇති. එක් අභයගිරි සම්ප්‍රදාය ඉතිහාසයෙන් වැළලී ;ගාසින්. එහෙත් නටබුන් අතර මෙහි ශේෂයන් තවම තිබෙනවා.


ප්‍රාග් මහින්දාගමන යුගයේ ලක්දිව බුදුසමය පිළිබඳව හඳුනාගෙන සිටි බවට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා ප්‍රධානතම ඓතිහාසික මූලාශ්‍රය වෙත අවසාන වශයෙන් අපි යොමු වන්නෙමු. එය වනාහි මහායාන ප්‍රධානතම සූත්‍රධර්මයක් වන ලංකාවතාර සූත්‍රයයි. සංස්කෘත සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාය. එතුමා එහි හැඳින්වීම තුළ මෙසේ සදහන් කරයි.” ලංකාවතාර සූත්‍රය ලාංකීය සිංහලයන් වන අපට විශේෂ වැදගත් කමක් උසුලන බැව් සඳහන් කළ යුතු කරුණකි. මේ සූත්‍රය ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද කඳු මුදුනෙහි දී රාවණා රජුට දේශනා කරන ලද්දකි.රාවණා යනු එක් කාලයක සිටි එක් අයෙකු පමණක් නොවන බවත් ඒ නමින් පරපුරක් තිබුණු බවත් සඳහන්ව ඇති කරුණකි. බරණැස බ්‍රහ්මදත්ත රජුමෙනි. “එසේම එතුමා බුදුරජුන් විශේෂයෙන්ම සිංහලයට දුන්, ත්‍යාග කළ සූත්‍ර ධර්මය ලෙස ලංකාවතාර සූත්‍රය හඳුන්වනු ලබයි. ඉහත සාධක තුළින් ප්‍රාග් මහින්දාගමන අවධියේ ලක්දිව වාසීන් තුළ බුදුසමය පිළිබඳ යම් අවබෝධයක් පැවති බැව් මනාව විද්‍යමාන වේ. නමුත් මූලාශ්‍රකරුවන් එම කරුණ මතුකොට නොදක්වන්නට වෑයම් කරන ලද්දේ මහින්දාගමනය උත්කර්ෂයෙන් ගෙනහැර පෑමට මූලාශ්‍රකරුවන් තුළ පැවති අභිලාෂය නිසා විය හැකිය.

=============================================

මේකෙන් මල්ලිලාට නංගිලාට මොකක්ද හිතෙන්නෙ? ථේරවාදී බුදුදහම තිබෙන රටේ මහායාන සූත්‍ර දාගෙන බණ කියන්න කියල මම මගේ ශ්‍රාවකයින්ට කියලා තිබෙන්නේ මොකද කියල දැන් දන්නවානේ? කවදාවත් ථේරවාදී බුදු දහම මේ රටෙන් තුරන් කිරීමේ යටි කූට්ටු අදහසක් මට නෑ කියල ඔයාලට දැන් තේරෙනවනේ?

සත්‍ය වචන තුළ නැතැයි කීම, සූත්‍ර දේශනා ප්‍රතික්ෂේප කිරීම සහ ත්‍රිපිටකයට නොඅදාළ සූත්‍ර දේශනා ඉලිප්පීම. ගොඩේ භාෂාවෙන් කිව්වොත් කන්න උවමනා විටදී කබරගොයා තලගොයා කිරීම හෙවත් ධර්මය අධර්මය කිරීම තමයි අපේ කාර්යය.

=============================================


පසුව ලියමි:
මේ කොල්ල මාර දේවල් තමයි ඇදල ගන්නෙ. දැන් ඔයාල අහාවි එතකොට බුදු හාමුදුරුවො මහියංගනයට වඩින්න කලින් ලංකාවට වැඩියද කියල. ඒ වගේම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො හිටියද කියල. මෙහෙමයි.මේ සූත්‍රය මහායාන සූත්‍රයක් කියල මේ මෛත්‍රී අංකල් ඔයාලට කලිනුත් කිව්වනේ. ඉතින් මහායානෙ පොඩි පොඩි මෙන්ම ලොකු ලොකු වෙනස්කමුත් තිබෙනවා. ඔය මගේ ශ්‍රාවකයො කියන්නෙ හැමෝටම බුදු වෙන්න පුළුවන් කියල. අන්න ඒක එක වෙනසක්. මේකත් ඒ වගේ වෙනසක්. බුදුන් රාවණා රජ දවස ලංකාවට වැඩියා කියල මහායානය පිළිගන්නවා. ඒ වගේම අපේ බහුතර ඉතිහාසඥයින්ට අනුව රාවණා රජවරු ප්‍රම්පරාවක්ම සිට තිබෙනවා. ඉන් දෙදෙනෙක් ගැන කෙටියෙන් කියන්නම්.


පළමු රාවණා රජතුමා එක්කෝ මීට වසර 5000 කට පෙර සිට තිබෙනවා. එහෙම නැත්නම් මීට කල්ප ගානකට පෙර වැඩ සිටි කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලයේ සිට තිබෙනවා. මේ මත දෙකම සම සමව සියලුම ඉතිහාසඥයින් දරණවා. මේ පළමු රාවණා රජ්ජුරුවො තමයි ඔය කියන රාමායණ කතා වස්තුවේ ඉන්න පුලතිසි රජතුමාගේ මුනුබුරා. ඊට පස්සෙ තවත් රාවණා රජ කෙනෙක් ගෞතම බුදුන් වැඩ සිටි කාලයේ සිට තිබෙනවා. එතුමාගේ කාලයේදී බුදුන් ලංකාවට වැඩියා කියලා තමයි මහායානයේ තිබෙන මේ ලංකාවතාර සූත්‍රයේදී කියන්නෙ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්