සමණළයා, ළමයා සහ පරබාස්වර මනස

ඔන්න දවසක් පොඩි එකෙකුට හිතුනලු මමත් ලොකු අය වගේ පරීක්ෂණයක් කරනවා කියලා. ඉතින් පොඩි ළමයා මේකට පළඟැටියෙක් තමයි තොරගත්තෙ. අරගෙන ලොකු ගඩොල් කැටයක් හරහට තියලා, පළඟැටියගෙ පස්සට ඇන්නලු! එක පිම්මට පළඟැටියා අනෙක් අතට පැන්නාලු. පොඩි එකාට හිතුනලු අණ්ඩක් ගලවලා බලන්න ඕන කියලා. අණ්ඩකුත් කඩලා පස්සට ඇන්නහම පොඩ්ඩක් අමාරුවෙන් පළඟැටියා එහා පැත්තට පැන්නලු. මෙහෙම ටිකෙන් ටික අඬු ගලවනකොට පළගැටියා ගාටන වේගයත් ටිකෙන් ටික අඩු උනාලු. අන්තිම අණ්ඩත් ගැලෙව්වාට පස්සේ පළඟැටියා හෙල්ලෙන්නෙවත් නැතිලු. පොඩි ළමයා ඒ සැරේ හිතුනලු මම මේ සැරේ පස්සට අනින්නේ නැහැ, මම සද්දයක් කරලා පළඟැටියා ගඩොල් කැටයෙන් පන්නනවා කියලා, එක එක සද්ද කරන්න පටන් ගත්තලු. පළඟැටියා හෙල්ලුනේවත් නැති නිසා පොඩි ළමයා නිගමනය කළාලු අඬු කැඩුවට පස්සේ පළඟැටියන්ට සද්ද ඇහෙන්නේ නැහැ කියලා. මමත් මගේ ගෝල බාලයන්ට කියන්නේ මේ පොඩි ළමයා ( මාස හයේ ළදරුවා ) වගේ ඉන්න කියලා. මොකද පොඩි ළමයින් හරි පරබාස්වරයිනේ™. දකින දේ ඔහේ කියලා දානවා. පොඩි වයසට, කියන දේ කිසිම ගැලපීමක් කොහෙත්ම අවශ්‍ය නැහැ. දැන් බලන්න මගේ ගෝලයා බුද්ද™තිස්ස කියන දේවල් (බුද්ධ කියන්නේ බුදු හාමුදුරැවන්ට හැබැයි බුද්ද™ කියන්නේ මගෙන් බණ අහපු කට්ටියයි)


- චුල්ල හස්ථි පධෝපම සූත්ර ධර්මයට අනුව ඔබ හස්ථියා දකින්නේ, කැලෑවෙන් එලියට ආ විටය -
(http://satyagaveshi.blogspot.com/2011/01/blog-post.html)




දැන් බලන්න චුල්ල හස්ථි පධෝපම සූත්‍රයේ තියෙන්නේ ඇත්තු අල්ලන කෙනෙක් ඇත්තු හොය හොයා කැලෑවේ ඇතුලට යනවා කියලයි,
(http://www.accesstoinsight.org/tipitaka/mn/mn.027.than.html)


නමුත් මගේ ගෝලයා ඒක වෙනස් කළා. ඇතා දකින්න කැලයෙන් එලියට එන්න ඕනැයි කියලා. අන්න පොඩි ළමයාගේ පරබාස්වර මනස මගේ ගෝලයාටත් තියෙනවා කියන්න හොඳ ලකුණක් මේක.


ඊලඟට


- මෙහි හස්ථියා නම් ප්‍රඥාවයි. කැලෑව නම් දැනුමයි. දැනුම නැමති කැලෑවෙන් නිදහස් වන තෙක් ප්‍රඥාව නැමති හස්ථියා දකින්නට නොහැකි ය.


අර පොඩි ළමයා වගේ මගේ ගෝලයා අතින් දානවා. ඇතා කියන්නේ ''ප්‍රඥාව'', කැලය කියන්නේ ''දැනුමයි'', කැලයෙන් එලියට යනවා කියලා කියලා සූත්‍රයේ නැතත් දැනුමෙන් නිදහස් උනාම තමයි ප්‍රඥාව පෙනෙන්නේ කියලා. හැබැයි මල්ලිලා අහන්න එපා ඇයි අලි ඇත්තු බලන්න, යාල - උඩවලවේ වගේ කැලෑ ඇතුලට යන්නේ කියලා? ඒ ඔයගොල්ලට පරබාස්වර මනසක් තිස්සට වගේ නැති නිසයි. ඉතින් අර පොඩි ළමයා වගේ හිතෙන දේම කියන්න, ගැලපීමක් නොගැලපීමක් බලන්නම එපා. පුලුවන් තරම් අතින් දාන්න. අනෙත් සාතන්ලා™ නම් කෑ ගහයි. නමුත් අමතක කරන්න එපා ධර්මය අධර්මය කරන්න පොඩි එකාගෙ පරබාස්වර™ මනසමයි උවමනා කරන්නේ කියලා.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්