දඹුලු විහාරෙ ගැන මම දන්න දේ


මල්ලිලා, මෙන්න මම කියපු දේවල්


"දඹුලු විහාරෙ සිතුවම් වලින් සංකේතවත් කරල තියෙන්නෙ මෛත්‍රී බුද්ධ ශාසනය ආරම්භ වූ බව."


"1972 දී මෛත්‍රී බුදුහාමුදුරුවො දෙන්න දමහල්ලො ගාවට ඇවිල්ල කිවා පිළිමයක් හදන්න කියල." (හැබැයි මෛත්‍රී බුදු හාමුදුරුවො පහළ වෙන්න කලින් පිළිමයක් හදන්න කියල මෛත්‍රී බුදු හාමුදුරුවො වදාලෙ කොහොමද කියලනම් අහන්න එපා. නැති කෙනෙක් ඇති දෙයක් ගැන කීම කියල ඒකට කෙටියෙන් කියන්නම්.)


බලන්න මෛත්‍රිය ප්‍රතිමාව. ඒකෙ සිවුර පොරවල තියෙන්නෙ පොඩ්ඩක් මොඩ් විධියට. ඒක මගේ අදහසක්


"ලංකාවෙන් මතු වුන මේ ශ්‍රී සත් ධර්මය" (ඒකෙ තේරුම ගෞතම බුදු දහම ආරභ වෙන්න ඉන්දියාවෙන් නෙමෙයි, මේ ශ්‍රී ලංකාවෙන්. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවො වදාරන ශ්‍රී සත් ධර්මය ආරම්භ වෙන්නෙ කේතුමතී නුවරින් නෙමෙයි, ශ්‍රී ලංකාවෙන්. දෙකෙන් එකක් ගැනයි මේ කියන්නෙ. ඇත්තටම කියනවනම් මම පස්සෙ සැක හැර දැනගන්න මේක පැහැදිලි කලා. නැත්නම් අයිටීඑන් කාරයො මාව එලවනෙ කියන්න දෙන්න නැතිව. කතාව මේකයි, ඔව් ලංකාවෙන් තමයි මල්ලිලා, මෛත්‍රී බුද්ද™ දහම ආරම්භ වුනේ, ඒ 1971 දී ගාල්ලෙන්....)


"මෛත්‍රී බුද්ධ සාසනයේදී සියලු දෙනාම සම්මා සම්බුද්ධ වෙනවා. " (කලින් පෝස්ට් එක පොඩ්ඩක් බලන්නකෝ. .......... බැලුවද?.......... හා .... දැන් තේරෙනවනෙ මේ මම කියන්නෙ මහායාන අදහස් නෙමෙයි කියලා... මම කියන විධියට සෑම කෙනෙකුටම බුදු වෙන්න පුලුවන්... ඒ මෛත්‍රීය බුද්ද™ (බුද්ධ කියන්නේ බුදු රජාණන් වහන්සේ කියල අමතක කරන්න එපා, මේ කියන්නෙ බුද්ද™ ගැන) සාසනයේදී. විකීපීඩියාවල මුළු ලෝකයේම අය එකතු වෙලා ලියපු දේට වඩා මම කියන දේ ඇත්ත..)

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්