ආහුනෙය්‍ය පාහුනෙය්‍ය.. ගාථාව වැරදියි !! - මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා අංකල් සිරිවර්ධන කියයි


සෑම බෞද්ධයෙක්ම දන්නවානේ උතුම් සංඝ රත්නය වඳින ගාථාව. ඒත්  තමන් මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා ගාල්ලේ වඳුරඹ ප්‍රදේශයේ පදිංචි සිරිවර්ධන ලොකුගේ නමැති අඳ බාල පෘතග්ජනයා මිනිස්සුන්ට කියා සිටින්නේ සංඝරත්නය ගාථාව වඳින ගාථාවේ නියම අර්ථය කිසි කෙනෙක් නොදන්නා බවත් නියම අර්ථ කථනය වෙනත් එකක් බවත්ය.

ඔහු පවසන පරිදි එම ගාථාවේ නියම අර්ථය පහත පරිදි වේ.
"උතුම් සංඝ රත්නයට දුර සිට ගොස් ආහාර පූජා කලයුතුය යන අර්ථය වැරදියි. එහි නියම අර්ථය තමයි අපි හැමෝම කලළයේ සිටම සංඝරත්නයට අයිති පුද්ගලයෝ බව. දුරින් ගෙන එන ආහාරය යනු අම්මා යමක් හපල කාල ඒක ලේ බවට පරිවර්ථනය කරල මස් බවට පරිවර්ථනය කරල කලළයට දෙන පෝශ්‍ය පදාර්ථය!." 

කලළයේ ඉන්න ජීවියා මස් වළඳනවා කියල තමයි මෙයා කියන්නේ. අන්‍යාගමිකයන්ටත් බුදු දහමට කරන හාණියට වඩා මෙවන් පුද්ගලයන් කරන හාණිය මොනතරම්ද! හැම කෙනෙක්ම බෝධි සත්වයින් ලෙස පවසන්නේ මහායානයේ බව  මේ ලිපිය කියවන ඔබ දන්නවා ඇති. මහායානය මගින් පිරිසිඳු බුදුදහමට විශාල බලපෑම් එල්ලවී තිබෙනවා. වර්ථමානයේ දී මෙම සිරිවර්ධන නමැත්තාගේ විකෘත්ති කිරීම් මේ සඳහා  හොඳ උදාහරණයක්.

පහත දැක්වෙන්නේ සංඝ රත්නය වඳින ගාථාවේ සැබෑ අර්ථයයි.

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ 
ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
සාමීචි පටිපන්නෝ භගවතො සාවක සංඝෝ
යදිදං ඡත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා 
ඒස භගවතො සාවක සංඝෝ ආහුනෙය්යෝ පාහුනෙය්යෝ දක්ඛිනෙය්යෝ
අංජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා,
ගුණ ධර්ම පිළිපෑදීම නමැති ආර්ය මාර්ගයට පිලිපන්නෝය.
සෘජු දහම් මාර්ගයෙහි ගමන් කරන්නේය.
නිවන් මගට පිවිසියේය.
නිවන් ලබීමට සුදුසු ප්‍රතිපත්තියට පිවිසියේය.
ඒ සංඝයා වහන්සේ යුගල වශයෙන් සතරක් වන අතර පුද්ගලය වශයෙන් අට දෙනෙක් වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක තෙමේ දුර සිට ගෙනවුත් පුදන සිව්පස ලබේමට සුදුසුය.
ආගන්තුක සත්කර ලැබීමට සුදුසුය.
පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසුය.
දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගෑනීමට සුදුසුය.
ලෝකය හට උතුම් ඵල හටගන්නා පින් කෙතක් වන සේක.


-මරසෙන් පරදමු

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්