සිරිහම්බබෝ බ්ලොග් සයිට් එක කපෝතියි

මල්ලිලාට මේ මෛත්‍රිය අංකල් අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. ඔයාල දන්නවානෙ කිසිසේත්ම මුස්ලීම් නොවන පුද්ගලයෙක් කරගෙන ගිය "සිරිහම්බබෝ" සයිට් එක. ඒක ප්‍රයිවෙට් එකක් කරගෙන. ඒ එයා ශ්‍රී ලංකාවෙ රහස් පොලීසියට හෝ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවට තියෙන බයකට නෙමෙයි. මෙච්චර කාලයක් සිංහල බෞද්ධයින් ගැන, ඉතාමත් නිවැරදි™ සහ 150% අසත්‍යයෙන් තොර™ වූ පුවත් ගෙනහැරපාමින් "ස්වයංවින්දනයක්" කළ හම්බබෝධියා දැන් ස්වයංවාරණය™ කරල තියෙනවා. අනේ පව් නේද?.


අනික ඔය හම්බබෝධියාව පොලීසියෙන් අල්ලාගෙන ඇවිල්ල වැලිකඩට දාල ඉවර වෙලා ටික දවසකින් සැඟවූ ආයුධ හොයන්න ඌව ගෙනියනකොට ඌ පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න උත්සාහ කරන්නත් ඉඩ තියෙනවා. මල්ලිලාට තේරෙනවනේ මම මේ කියන දේ. කොහොමද මේ ධර්මය අධර්මය කරන සිරිවර්ධන අංකලුයි මගේ ගෝලයෝ රොත්තටත් ඒ දේ කළොත්? ආණ්ඩුවට විරුද්ධ වූ සමහර මගේ තරහකාරයොත් ඒකටනම් කැමති වේවි. අනේ අපොයි!




මේ පහල තියෙන්නෙ හම්බබෝධි ගැන භිෂූන් වහන්සේ නමක් කරපු ප්‍රකාශයක්.






ඉතින් අනාගතයේදී නායක හාමුදුරුවරු කීප දෙනෙක් "මේ ගාල්ලේ මෛත්‍රිය බුද්ද සාසනය වැරදිය, පොලී මුදලාලි වගේ මෙහෙම දෙතිස් මහා පුරිස ලක්සන ගෑවිලවත් නැති මෛත්‍රී බුදුවරු පහල වෙනවද?" කියල ඉවරවෙලා බුද්ධ සාසන අමාත්‍යාංශය හරහා විශේෂ විමර්ශනයක් කළොත් අපිටත් අපේ සච්චගවේශී වෙබ් සයිට් වලට ඔය ටිකම කරන්න වෙයිද දන්නෙ නෑනෙ. සියල්ලම ශූන්‍යයයි කියල කිව්වට අපි අපේ ජීවිත වලට බොහොම ආදරෙයි. ඒකනෙ තිස්ස බුද්ද™ වුනත් ගෑනිව අත හැරිනෙ නැත්තෙ.

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්