ඔයාල දන්නවනෙ අංකල්ගෙ ප්‍රධාන ශ්‍රාවකය කවුද කියල. දන්නෙ නැති අයට දැන ගන්න කීවොත් ඌ තමා තිස්ස. මම මේ මුහුණු පොතේ නිකමට වගේ සැරිසරණ කොට දැක්කෙ මේ යකා කියල තියෙනවා බුදු කෙනෙක් කවදාවත් ධර්මය දේශනා කරන්නෙ නැහැ කියල. ඈ බොල එතකොට මේ අංකල් කොරන්නෙ මොකක්ද ? අංකල් කියන දේ විස්වාස නැත්නම් පහල තියෙන රූපය දිහා බලන්නකො. ලින්ක් එකත් යටින්
දාල ඇති.
මේක නම් අංකල්වම කන්න ආපු එකෙක්. ඒ පාර කියනවා බුදු කෙනෙක් දේශනා කරන ධර්මයක් කවදාවත් පවතින්නෙ නැහැලු. හත් දෙයියනේ මම කොහොමද කටක් ඇරල බනක් කියන්නෙ.
අනික තිස්ස කියනවා ගෞතම බුදුන් කාලෙත් කොයි තරම් බුදු වරු හිටියද කියල. හත් දෙයියනේ මේ යකාට මම කීව ඕව එලිපිට කියන්න එපා කියල. මූ කියන දේ අහන්නෙම නැහැ. ඌ දැන් මටත් උඩින් යන්න හදන්නෙ. අංකල් බලාගෙන හිටිය ඇති වගේ නේද ? මල්ලිල මොනාද කියන්නෙ. දෙන්නකො අංකල්ට උපදෙස් ටිකක් පල්ලෙහ තියෙන කොමෙන්ට් කොටුවෙ.
මල්ලිලම කියන්නකො මම බොරුද කියන්නෙ කියල. ඔය පහල දාල තියෙන ලින්ක් එක කොටල බලන්නකො අංකල් කියන්නෙ බොරුද කියල. තිස්සය මාව වනසනවනෙ. මල්ලිලම බලන්නකො පරස්පර විරෝදී දේවල් කොයි තරම් නම් මේ බූරුව කියල තියෙනවද කියල.
එහෙනම් හැමෝටම May the God Bless...!