මා ගැන කියන දේවල්

ෆේස්බුක් අඩවියේ අළුතින්ම අරඹන ලද "මෛත්‍රී බුදුන්" නම් පිටුවට වේගයෙන් ජනයා ඒකරාශී වීම නිසාත්, ඒ අයගේ ප්‍රචාරක වැඩසටහන් හිටි අඩියේම කඩිනම් වීම නිසාත් උද්ගතව ඇති තත්වය අලලා මෙම ලෝහිත කුරුස ලිපි මාලාවේ විශේෂ කොටසක් එළි දැක්වීමට කල්පනා කළෙමි..


මේ ඔබ දකින්නේ: http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall "මෛත්‍රී බුදුන්" ලෙස පෙනී සිටින ප්‍රෝඩාව මේ මිනිසා ආරම්භ කරන්නට මත්තෙන්, සෑහෙන කළක් තිස්සේ ඔවුන් කරගෙන ගිය ධර්මය විකෘති කිරීමේ ව්‍යාපාරයයි... "කිං සච්ච ගවේසි" නම් මේ පිටුවේ ව්‍යාජ ආර්යයන් සියළු දෙනා රැස්ව සිටිති ( උදා: මොහුගෙන් බණ අසා රහත් වූ බව කියන දැනට ජපානයේ වෙසෙන තිස්ස සේනානායක හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායක, වසුන්දරා, සමාරා නදීෂානි, දිලුප ලක්මාල්, දුමිඳු පෙරේරා ආදී ) මොවුන් මේ පිටුවේ කරන ධර්ම විග්‍රහයන් දකින ධර්මය ගැන සුළු හෝ අවබෝධයක් ඇති ඕනෑම අයෙකුගේ ඇඟ හිරි වැටී යයි..ඒවා ඒ තරම්ම විකෘතිය..


මෙහි බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය...මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නිව්සීලන්තයෙනි..මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්‍රාවකයා කියා ගන්නේ මොහුය..එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය
තිස්ස සේනානායක නම් තැනැත්තාය..


නමුත් අතිශයින්ම වැදගත් කරුණ වන්නේ මෙයයි..


මොවුන්ගේ ඡායාරූප අතුරින් ඔවුන් දෙදෙනාම සිනා මුසු මුහුණින් සිටින එක ඡායාරූපයකට යමෙකු දමා ඇති කමෙන්ට් එකක් සඳහා තිස්ස විසින් පිළිතුරු දී ඇත්තේ "May the God Bless you" කියාය..


කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් "ගෝඩ් බ්ලෙස්" කියා අන් අයට සුභ පතන්නේ කෙසේද? සිවු පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමකට ඉන්නා "ගෝඩ්" කවුද? රහතන් වහන්සේ නමක් සියළු "ගෝඩ්" ලාට ( යාමය, තුසිතය, නිර්මාණ රතිය ආදියේ සිටින ) වඩා ඉහළින් සිටිති..ගෝඩ්ලාට පමණක් නොව බ්‍රහ්මයන්ටද ඉහළින් සිටිති..ඉහළින් ඉන්නා තරම කොතෙක්දැයි කිවහොත් කවියෙන් කියන්නේ "සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා - සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා.." යනුවෙනි..


මේ "කිං සච්ච ගවේසි" යන පිටුවේ, තිස්ස සේනානායක නැමැත්තා කරන "ඉගැන්වීම්" ද බෙහෙවින් අවුල් සහිතය.."මනසක් නැති මම භාවනා කරන්නේ කෙසේදැයි" ඔහු තැනක අසයි..මනසක් නැත්තේ ඇයි? රහත් වූ නිසා මනස අහෝසි උනාද? එහෙමත් වෙනවාද? නැත්නම් මොවුන්ගේ ඊනියා ශාසනයේ ඉගැන්වීම් පරිදි මනස කියා දෙයක් නැද්ද? නො එසේ නම් මේවා විකෘති කරන්නට ගොස් මොවුන්ගේ මොළය සම්බන්ධ ක්‍රියාකාරිත්වයේ ගැටළුවක් ඇතිවෙලාද?...මේවා කියවන නව යොවුන්, තරුණ, තරුණියන්ගේ බුදු ශ්‍රද්ධාවට කුමක් සිදුවේද?..


ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නිව්සීලන්තය වැනි රටවල් සමඟ ඉතා තදබල සම්බන්ධතා ඇති මොවුන් දෙපළ පැපුවා නිව්ගිනියාවේ "ගොරෝකා" සරසවියෙහිද සේවය කරති..දකුණු කොරියාව, මහා බෞද්ධ ඛාදනයක් සිදුවූ, බලෙන්ම ක්‍රිස්තියානියට හැරවුණු රාජ්‍යයක් වන අතර, අද ලොව මිෂනාරි මෙහෙයුම් විශාලතම වශයෙන් සිදුවන්නේද, මිෂනාරි මෙහෙයුම් වලට ඇමරිකාව හැරුණු විට වැඩිම මූල්‍ය දායකත්වයක් දක්වන්නේද දකුණු කොරියාවයි..පැපුවා නිව්ගිනියාව යනු වත්මනදී වේගයෙන්ම ඉවැන්ජලීකරණය වන ආසියාතික රාජ්‍යයයි..


දකුණු කොරියාව 1954 දී ඇමරිකානු මිත්‍ර හමුදා හස්තයට පත් වනවිට එම රාජ්‍යය සතුව 92% බෞද්ධ ප්‍රතිශතයක් විය .. ( මහායාන වුවත් ඔවුන්ද බෞද්ධයෝය ) නමුත්, උතුරු - දකුණු කොරියා වෙන් වූ තැන සිට, දකුණු කොරියාවේ පාලන තන්ත්‍රයට පත් වූයේ සී.අයි.ඒ සංවිධානයේ අණට කීකරු, උපතින් බෞද්ධ වුවත්, ඇමරිකානු හමුදා තුවක්කු කට යට ක්‍රිස්තියානිය වැළඳ ගත් ( මුලදී රහසේ හා පසුව එළි පිට ) නායකයන්ය..ඔවුහු එරට භික්ෂූන් වහන්සේලාට වැට බැඳ, ඕනෑ කෙළියක් කර ගන්නට සියළු ඉවැන්ජලික කල්ලි වලට කොරියාව විවෘත කර දුන්නේය..ප්‍රතිඵලය වූයේ - 1972 වන විට බෞද්ධ ප්‍රතිශතය 62% ක් වශයෙන්ද.. අද වන විට 44% වශයෙන් ද ඛාදනය වීමයි..එදා 92% ක් වශයෙන් මහ බෞද්ධ පරාක්‍රමයක් පැවති දකුණු කොරියාවේ අද බෞද්ධයන් සුළුතර කොටසයි..2015 දී මේ ප්‍රතිශතය 23% වන බවත් 2025 දී බුදු සසුන කොරියාවෙන් අතු ගෑවී යන බවටත් ලෝක බෞද්ධ සංසද අනතුරු අඟවයි..


( කොරියාවේ සිදුවුණු මහා ඉවැන්ජලික ඛේදවාචකය වෙනම ලිපියකින් සවිස්තරාත්මකව ඉදිරිපත් කරමි )


පැපුවා නිව් ගිනියාව මීට වසර 20 කට පමණ තිබුණේ රෝමානු කතෝලික පල්ලිය සතුවය..ජන ගහණයෙන් 70% පමණ ප්‍රමාණයක ශක්තියක් එහි සම්ප්‍රදායික කතෝලික පල්ලිය සතු විය..නමුත් වසර 10 -15 ක පමණ කෙටි කාළයක් තුළ එරට වෙලා ගත් රැඩිකල් ක්‍රිස්තියානි කල්ලි අද කතෝලික පල්ලිය දණ ගස්සන තැනට පැමිණ ඇත...අද කතෝලික පල්ලියට යන්නේ ජන ගහණයෙන් 25% පමණි..ජන ගහණයෙන් 20% "ඉවැන්ජලික ලුතෙරන්" පල්ලියත්, තවත් 10% "සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්" නම් අන්තවාදී ක්‍රිස්තියානි කල්ලියත්, 10% "පෙන්තකොස්ට්" කල්ලියත් තවත් 15% ඇමරිකාව මූලාශ්‍රය කරගත් "යුනයිටඩ් චර්ච්" කල්ලියත්, 6% "ඉවැන්ජලිකල් අලයන්ස්" එකත් ඩැහැ ගෙන තිබේ..අද ආසියාවේ වේගයෙන්ම ඉවැන්ජලික ග්‍රහණයට යන්නේ පැපුවා නිව්ගිනියාවයි..


මේ රටවල් වල ආභාෂය ලබන අය විසින් බුදු දහම මේ අයුරින් විකෘති කිරීම පිටුපස ඇත්තේ කුරුසිය බවට දැන්, දැන් අපට සාධාරණ සැකයක් මතු වෙමින් පවතී..ඉවැන්ජලික නිල මැස්සන් දෝරේ ගලන තැන් වල ඉන්නා අයගේ ඇඟේද උන් නොවසා ඉඳීවිදැයි ඔබම ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය..


පුංචි, පුංචි නාමික විශ්ව විද්‍යාල හා උපාධි කොලීජි කඩ කාමර වල ඇරගෙන ඒවායින් උපාධි බෙදීම හා ඒ මුවාවෙන් ආගමික බෞතීස්මකරණය මේ ඉවැන්ජලික කල්ලි පටන් ගත්තේ අද ඊයේ නොවේ..ලංකාවේද වියරු ලෙස ක්‍රියාත්මක "බෝන් අගේන්" (Born Again) නම් ක්‍රිස්තියානි ත්‍රස්තවාදී කල්ලියද කරන්නේ මෙයමය..මේ අයගෙන් උපාධි ලබන "දේවධර්මාචාර්ය වරුන්" වැහි වැහැලාය..ඔවුන් ඉතා සිනාමුසු මුහුණින් යුතුව ළං වන්නට හදන්නේම බෞද්ධයාට වැදගත් මර්මස්ථානවලටය..ගහන්නේද බෞද්ධ හදවත්හී මුදුනේම ඇති අතිශය පූජනීය වූ පුද්ගල-ස්ථානික සන්දර්භයන්ටමය...රුසියාවේ මෙවැනි විශ්ව විද්‍යාල කඩයක් කරමින් සිටි ඉවැන්ජලික නිගණ්ඨයෙක්, ගංගොඩවිල සෝම හිමියෝ බෞද්ධ ශාසනාරක්ෂකයාණන් ලෙස හැඳින, උන්වහන්සේට කළ විනාශය කදිම නිදසුනකි..


මේ අයට හා අර බුදුන් ලෙස රඟන උන්මත්තකයාට අදාළ පෞද්ගලික සායනික කරුණු කාරණා තව දුරටත් ඉදිරිපත් කිරීම අවශ්‍ය නැත..ඔවුන්ගේ අධ්‍යාපන වියහියදම්, ඉඳුම් හිටුම් කාගෙන් ලැබුණත් අපට කමක් නැත..බුදු දහමට අත නොතබා, ඔවුන් කවර දෙයක නියැළුණද අපට කමක් නැත..


දැන් මේ අපූරු ශාසනයේ සිටින බව කියන අපූරු රහතුන් දෙස බලන්න..මාර්කටිං පාර දෙන ප්‍රොෆයිල් අතරින් අති බහුතරය කාන්තා ප්‍රොෆයිල්ය..ඉවැන්ජලික කල්ලිද තම මතය වේගයෙන් තරුණ, තරුණියන් අතරට යවන්නට යොදා ගන්නේ තරුණියන්මය..මක් නිසාද, එවිට තරුණයන් ඒක රාශී කර ගැනීම එතරම් ප්‍රශ්ණයක් නොවන බැවිනි..මේ රහතුන් යැයි කියන කාන්තාවන්ගේ ප්‍රොෆයිලවල ඇත්ත ඡායාරූප, අවම තරමේ ඔවුන්ගේ යැයි හඳුනා ගත හැකි ඡායාරූප කීයක් තිබෙනවාද?..අග්‍ර ශ්‍රාවිකාවක බව කියන තැනැත්තියගේ ප්‍රොෆයිල පින්තූරය ලෙස ඇත්තේ අසිපතක දරා සිටින කාටූන් රුවකි..පුද්ගල ඡායාරූප ඇති ප්‍රොෆයිල වලද ඇත්තේ අපහැදිලි, නැති නම් අහක බලා ගෙන සිටින, ඉතාම කුඩා පරිමාණයේ ඡායාරූපය..ඇත්තේද යහළුවන් අතළොස්සකි..ප්‍රොෆයිලය විවෘත කර ඇත්තේද ඉතා මෑතකදීය...මේ ව්‍යාජ රහතුන් සියළු දෙනාගේම ප්‍රොෆයිල බොහෝ දුරට විවෘත කර ඇත්තේ එකම කාළයේදීය...බොහෝ විට මේ සියළුම දෙනා එකම තැනැත්තකු වීමටත්, නැතිනම් එකම කල්ලියේ සාමාජිකයන් වීමටත් ඉඩ ඇත..අප මේ ව්‍යාජයා වෙනුවෙන් විවර කරන ලද ෆේස් බුක් පිටුව ගැන විවාදයක්, කතිකාවතක් ඇති කරගෙන එන විටම, වේගයෙන් ඊයේ දිනයේදී, ඊට සාමාජිකයන් එක්වීම ඇරඹිණි..ඒ එක්වන සාමාජිකයන්ගෙන්ද විශාල ප්‍රමාණයක් මෙවැනිම "අළුතින් විවර කරන ලද, ඡායාරූප රහිත හෝ සොරා ගත් ඡායාරූප යෙදූ, මිතුරන් අඩු" ප්‍රොෆයිල වේ..මේ පිටුව පුරා අපගේ ශාසනයට හිතැති මිතුරු, මිතුරියන් ඔවුන්ට හොඳ හැටි දෙහි කපා කමෙන්ට් දමලාත්, ඒවාට ඔවුන්ගෙන් ලැබී ඇති පිළිතුරු ගණන කෙතරම් අල්පදැයි බලන්න..මොහු සරණ ගිය සිය ගණනක් දෙනා ඒ පිටුවට එක්වුණු බව කියන්නේ නම් ප්‍රතිචාරයක් දෙන්නටවත් එකෙකු වත් නැත්තේ ඇයි?..ඒ බොහෝ විට දෙන්නෙකු, නැති නම් තුන් දෙනෙකු විසින් මේ සියල්ල කරවන නිසා විය යුතුය...


මෙහි ක්‍රියාකාරීව තිබෙන පිරිමින්ගේ බව පෙනෙන ප්‍රොෆයිලයන්ද, ප්‍රොෆයිල් පින්තූර නැති ව්‍යාජ ඒවා බව පහසුවෙන් අවබෝධ කර අත හැක..


මේවා ගැන ජනතාව දැනුවත් විය යුතුය..විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතුය..මක් නිසාද, අද ලාංකික තරුණ, තරුණියන් බෙහෙවින්ම මේ අඩවියේ සිටිතත්, සැබෑ ප්‍රොෆයිලයක හා ව්‍යාජ ප්‍රොෆයිලයක අතර වෙනස හඳුනා ගන්නට ඔවුන්ගෙන් අති බහුතරය අසමත්ය..එනිසා මේ මායාවන්ට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැක..


කෙසේ වෙතත්, මේ මෛත්‍රී බුදුන්ට නිගා දෙන පිටුවට පෙර ඔවුන් විවෘත කරන ලද, ඉහතින් මා දුන් සම්බන්ධීකාරකය සහිත අඩවියට යන ඔබට එහි දැනටමත් තුන් දහසකට අධික සාමාජික, සාමාජිකාවන් පිරිසක් සිටින බව පෙනෙනු ඇත..මේ ෆේස් බුක් හී තත්වයයි..නමුත් මේ බුදු රංගනයක නියැලෙන මිනිසා මේ වන විට ගාල්ල ප්‍රදේශයේත්, මාතලේ හා මහනුවරත් කරමින් සිටින ශාසනික විනාශය හා වියවුල අති මහත්ය..


එක්කෝ මේ ව්‍යාජයා 1971 වසරේ සිට තමන්ගේ යම් කිසි මානසික ආබාධයක් නිසා කරගෙන ආ ව්‍යාපාරයකට පසුව ඉවැන්ජලික කල්ලි "ප්ලග්" එක ගසා ඇත..නැතිනම් මෙය මුල සිටම ඔවුන්ගේ අතින් නිමැවුණු කූට ව්‍යාපාරයකි...ඒ කෙසේ වෙතත්, මේ පිටුපස කුරුසිය ඇති බවට සහතික කර හැකි තවත් සාක්ෂි ඔවුන්ම අපට සපයා දේ...


මේ ලිපිය කියවන සියල්ලෝම කරුණාකර මෙන්න මේ ලින්ක්:http://www.satyagaveshi.blogspot.com/ එකට ගොස්, මෙහි යට, ඔබේ වම් අත පැත්තේ ඇති හඬ පටය ශ්‍රවණය කරන්න..ව්‍යාජ බුද්ධ රංගනයේ නියැලෙන සිරිවර්ධන නම් තැනැත්තා පිටුපස ඇති විදේශික හස්තය පිළිබඳවත්, ඔවුන් සිදුකරන්නට යන විනාශය ගැනත් මනා අවබෝධයක් ලැබෙනු ඇත...


මොහු බුදුන් ලෙස දැක්වෙන විශාල පන්සල් හා ප්‍රතිමා සෑදීමට විදේශ රටවලින් ආධාර ලැබෙන බව ඔහුම කියයි..දැනටමත් ගාල්ල වදුරඹ ප්‍රදේශයේ දහස් ගණනක් ඔහුගේ ඊනියා ආශ්‍රම වලට පැමිණෙයි..මේ වීඩියෝ පටය : http://vimeo.com/15269640 බලන්න...රංගිරි දඹුලු විහාරයද ඒ පූජා භූමියද ආක්‍රමණය කිරීමට මොහු දරන තැත බලන්න..මොහු භික්ෂූන් වහන්සේලාට කථා කරන්නටවත් නොදන්නෙකි..අක්කර 600ක් භූමි භාගයක් පුරා මොහු බුදුන් ලෙස දැක්වෙන ප්‍රතිමා රැසක් නෙළන්නට මොහු හා ඔහුගේ විදේශ සහචරයන් සැරසෙන බව මේ වීඩියෝව අවසානයේදී අසා ගත හැක...එමෙන්ම අපේ ගෞතම බුදු පියාණන් පිරිනිවන් පෑ කුසිනාරා නුවර අඩි සිය ගණනක් උස මොහුගේ පිළිමයක් නෙලන්නට ඇති සැලසුමක් ගැනද ඔහුම එහිදී පවසයි..මේවා හොඳින් අසන්න..වහාම ප්‍රායෝගිකව ගත හැකි පියවරක් ගන්න..ගාල්ලේ ශාසනාරක්ෂක බල මණ්ඩල නිහඬ ඇයි? දේශපාලන නායකයන් නිහඬ ඇයි?..


මොහුට සුදු ජාතිකයන් උදව් උපකාර කරන බව ඒ තැනැත්තාම පවසයි..ඒ මදිවාට "මෛත්‍රී" නම් මහා ගුරුවරයෙකු එන බව කියමින් සුදු ජාතිකයෙකු කරන දේශනයක වීඩියෝ පටයක්ද ඔවුන්, මේ තැනැත්තාගේ "බුද්ධත්වයට" සාක්ෂි ලෙස පෙන්වයි..ඒ වීඩියෝ පටය හොඳින් නරඹන්න (Link : http://www.youtube.com/watch?v=JHqncRa4fcA) .එහි 32වැනි තප්පරයේ සිට 34 වැනි තප්පරය තෙක් දැඩි කල්පනාවෙන් බලන්න..ඔබ දකින්නේ Share International නම් ආයතනය මඟින් පළ කළ ලිපියකි..එහි මෛත්‍රී බුදුන්ගේ පහළ වීම ලෙස මේ සුදු ජාතිකයා කියන දෙය "Christmas Miracle" එකක් ලෙසට දක්වා තිබේ..ඒ ලිපියේ අඩංගු ඡායාරූපයේද සිටින්නේ ක්‍රිස්තියානි පූජකයන් දෙදෙනෙකි..


තවත් අතිශයින්ම වැදගත් කරුණක් මතු කළ යුතුය....එම වීඩියෝවේ 36 වැනි තප්පරයේ සිට 42 වැනි තප්පරය දක්වා කොටස දැඩි සැළකිල්ලෙන් බලන්න..එහි මෛත්‍රී බුදුන්ගේ පහළ වීමේ සළකුණ ලෙස, එකී සුදු ජාතිකයා හුවා දක්වන්නේ "තාරකාවක්" සියළු රටවලට පේන අයුරින් අහසේ පෑයීමය..


"තරුවක්" පෑයීම, මහා සිද්ධියක, නැතිනම් මහා පහළ වීමක සංකේතයක් ලෙස බුදු දහමේ කවර තැනකවත් උගන්වා තිබෙනවාද?..අනාගත වංශ දේශනාවේ ගෞතම බුදු පියාණන් එවැන්නක් පැවසුවාද?.. වෙනදා නොදකින අමුතු අළුත් "තරු" පෑයීමෙන්, ශ්‍රේෂ්ඨ පහළවීමක් සිදුවන බව කියන්නේ කුමන ආගමේද?..බුද්ධියෙන් හා විමසිල්ලෙන් යුතුව සිතන්න..යේසුස් වහන්සේගේ උප්පත්තියට දීප්තිමත් වල්ගා තරුවක් පෑයු බව කියති..යළිදු ක්‍රිස්තියානි විශ්වාසයට අනුව ලෝක විනාශය ළං වත්ම සාතන්ගේ පුත්‍රයා වන "Antichrist / Lucifer" පහළ වන්නේද එවැනිම තරුවක් පෑයූ කාළයකය...මේ තරු පායා ස්වර්ගයික සංඥා තුළින් සිදුවන මහා සිදුවීම් බුදු දහමට කිසි සේත්ම අදාළ නැත..ඒවා, ඉතාම පැහැදිලිවම, ක්‍රිස්තියානි චින්තනයන්ය..ක්‍රිස්තියානි ජන මූලාශ්‍රයන්ය...


තාම කාට, කාටත් "තරු" පේන්න පටන් ගත්තේ නැත..ශාසනාරක්ෂක බල මණ්ඩල ගමක්, ගමක් ගානේ ඇත..මේවාට අනුගමනය කරන නියාළු ප්‍රතිපත්තිය තව කාළයක් පවත්වාගෙන ගියහොත් අපේ අනාගත පරපුරට නම් හොඳ හැටියට "තරු" පෙනෙනු ඇත..


ඉවැන්ජලික කල්ලි ශ්‍රී ලංකාවට කරන්න සිතාගෙන සිටින්නේ මොනවාදැයි අපි මීට පෙර කොටසකින් යම් හෙළි දරව්වක් කළෙමු.."හෙළ පරපුර" සංවිධානය ලෙස අපට කළ හැක්කේ මෙපමණකි..බෞද්ධයිනි! කරුණාකර ඔය වැදගෙන යන විදියටම අපේ ගෞතම බුදුන් වහන්සේ වැඳ ගන්න! මෛත්‍රී බුදු පියාණෝ ඈත අනාගතයේ, ගෞතම බුද්ධ ශාසනය වැළලී ගිය කාළයක, මහ පොළව ගණ අන්ධකාරයේ ගිළුණු යුගයක, උදා ඉර මඩල සේ පෙරදිගින් පායා, ඔබ, අප සැම ඇස් මානයේ වඩිනු ඇත..එදාට "ඒ වඩින්නේ අපේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ" යැයි ඔබ, අප පමණක් නොව, දෙවියන්, බඹුන්, මරුන් සහිත සියළු විශ්ව සත්ව ප්‍රජාවටම පැහැදිලිව පෙනෙනු ඇත..එතෙකුත් නොසිට මේ ගෞතම බුදු සසුනේම නිර්වාණාවබෝධය කර ගත හැකි අයෙකු වේ නම් එයද ඉතාම කදිමය...


"බුදුන්, බුදුන් ලෙස තුන් ලොවම දකිනු ඇත...බුදු රදුන්ට ආදේශක නැත..මුලා නොවන්න..සිහියෙන් විමසා බලන්න...ලෝහිත කුරුසිය ඔබ නොසිතන තැන් වල තිබිය හැක"

මේක බලන අය මම ගැන ළඟදී කියපු දේවල්

The last comments for

අංගුලිමාලට නිවනට යන පාර කියාදුන්නේ ද�

Thili Ranasinga

Budhingei darmaya pitathin balana unta mewa therenne naa

August 23, 2017 12:39:54 Jump to

dulan bogahawatte

mama ada waduraba darmaayathanayata giye mage amma ehe yanna ona kiyapu nisa.mata siriwardene upasakathuma...

August 27, 2016 14:28:00 Jump to

The last comments for

ඔබේ අදහස්

podi baba

budun sitinne thaman langanam kalabala viyayuthu na.................

July 12, 2016 07:28:32 Jump to

The last comments for

මම සිංහල බ්ලොග් අඩවි වල

supun

blog 1ka admin ta kiyanne :- hariyata mukuth danne nathi wa blog karanna epa ban . mulinma therum ganna...

January 26, 2016 18:07:51 Jump to

The last comments for

ඔබේ අදහස්

NUWAN

UNCAL OKKOMATA KALINE HANDESUDA KUPPIYAK ARAGANA ISSALLAMA MOLAYATA?(UNKAL BASAWEAN MEAKIYANNE) ITATH...

December 12, 2014 10:35:57 Jump to

The last comments for

බුදුරජාණන් වහන්සේට ගරු කරන්න එපා - ආචා

Tharinda

බුදුන් වහන්සේ ගේ නාමය ගෞතම. තුන් දොර ඇති...

July 28, 2014 17:52:25 Jump to

Tharinda

බුදුන් වහන්සේ නාම රූප දෙක ඇසුරු කරගෙන ...

July 28, 2014 17:52:06 Jump to

anonymous

oyala dana dewal kisima padanamak naa modayo wage hasirenne.. meken kiyala thiyenne budurajanan wahanse...

March 18, 2014 02:15:34 Jump to

The last comments for

ඔබේ අදහස්

imesh hanwella

muu nam maha horek.peechan weda kara kara rate 80%k adahana buddagamata nigraha karana me siriwardanayata...

November 13, 2013 11:25:36 Jump to

The last comments for

මම සිංහල බ්ලොග් අඩවි වල

sri

ewani ashcharyamath deyak kala hakke samma sambudu budu rajanan wahanse namakata pamanai pinwatha..mewani...

May 07, 2013 05:20:59 Jump to